
ඉතා දැකුම්කළු දිගු කේශ කල්යාණයකට අපගේ අතීත කාන්තාව හිමිකම් කී බැව් නම් සැබෑය.එනමුදු වර්තමානයේ එවැනි කෙස් කලඹකට හිමිකම් කීමට හැකි වන්නේ කීයෙන් කී දෙනෙකුටද?
වර්තමාන තරුණ තරුණියන්ගේ(20+) අකලට හිසකෙස් ගැලවීයාම,පැසීම …කවුරුත් දන්නා කරුණකි.මෙයට වගකිව යුත්තේ කවුදැයි ඇසූ විට, බොහෝ විට ඒ ඔබම විය හැකිය.

මෙහිදී කේශ ආලේපන, රසායනික ෂැම්පු.. පිලිබඳව ද කිව යුතුමයි. 30%ක් ශාකසාර අඩංගු වූ පමණින්,70%ක් රසායනික දුව්ය ද ඇති බැවින් එය 100% Herbal නිෂ්පාදනයක් ලෙස හැඳින්වීම සාධාරණ ද?එය Chemical Herb
al නිෂ්පාදනයකි. 

ලොකු පෙනක් නැත,ඇත්තේ ගස් වල ඇට වර්ග,කොළ….වලින් ගන්නා පෙනය.උදා-පෙනෙල…
දියරයේ අඩංගු අංශු(ශාක කොටස්) අවලම්බනය
වේ.
විශේෂ ගැඹුරු සුවඳක්නැත.ස්වභාවික සුවඳකි.
කොණ්ඩය ඝන වේ.තුනී නොවේ.
කෙස් ගසට කේශමූලයක් ඇත.එම මූලයට රුධිරය ගමන් කරනුයේ කේශනාලිකා මාර්ගයෙනි. නොයෙකුත් හේතු මත මෙම කේශමූලයට පැමිණෙන රුධිර ගමන අවහිර වූ විට කෙස් ගස ගැලවී යයි.
හේතු
ඒ අතර ප්රධානතම හේතුව,
නොයෙකුත් කෘතිම සංයෝග Sodium Lauryl Sulfate(කෙස් ගසේ ප්රධාන සංඝටකය වන පෝටීන් දිය කරයි.කෙස් ගැලවී යයි,කැඩී යයි ,Parabens(කල්තබාගැනීමට),සෝඩියම්හයිඩ්රොක්සයිඩ්(NaoH),පොටෑසියම් හයිඩ්රොක්සයිඩ්(KoH)…සහිත රසායනික ෂැම්පු වර්ග භාවිතා කර කොණ්ඩය සේදීමයි.
ජෙල් වර්ග,නොයෙකුත් වර්ණක හිස ගැල්වීම.
වාෂ්පශීලී කොලෝන් වර්ග හිස ගැල්වීම.
ක්ලෝරීන් අඩංගු ජලය,කිවුල් ජලය ස්නානය කිරීම,රාත්රියට ස්නානය.
අධික තෙල් , පාන්පිටි අඩංගු ආහාර අනුභවය.
හිසේ තෙල් ස්ථරයෙහි ඝනත්වය වැඩි වේ.එවිට කේශනාලිකා තුලින් රුධිර ගමන අවහිර වේ.
මානසික ආතතිය, නින්ද අඩුකම,පරම්පරාවෙන් එන ජානමය තත්වය.
ස්වභාවික ශාකසාරවලින් පෝෂ්ය,කෘතිම සුවඳින් තොර තෙලක් හිස නොගැල්වීම.
කේශමුලයට හානිකර අන්දමින් කොණ්ඩය Straight,Tint ,Curl ,Drier කිරීම ආදී ස්වභාවික තත්වයෙන් මිදීම.
විටමින් B12,කැල්සියම්,යකඩ අඩංගු ආහාර අනුභවය අඩුකම.පෝෂ්ය(වසවිසෙන් තොර)
සමබර ආහාර ලබා නොගැනීම.
තම ශරීරයේ ඌෂ්ණය වැඩිකම,උදරයේ ඌෂ්ණය අඩුවන ලෙස ආහාර නොගැනීම,
ප්රමාණවත් ජලය පානය නොකිරීම.
හිස්හොරි ගැටලු.
විටමින්A,C,D.ලවණ,යකඩ,ප්රෝටීන් ආහාර වැඩිපුර ගැනීම.(කිරි,මාලු,සෝයාබෝංචි,ධාන්ය වගී,කොස්,පොලොස්,පලතුරු, එළවලු )
ආයුර්වේදීය ජීවන රටාවකට හුරු වීම.බුහ්ම මූර්තයෙන් (4:30 — 5:30)අවදි වී,රාත්රී 7– 8 වන විට නින්දට යාම.නිසි වේලාවට තුන් වේලම සමබර ආහාර ගැනීම.
සුදුසු පෝෂ්ය තෙලක් හිසට දමා ඇඟිලි තුඩුවලින් හොඳින් සම්බාහනය කිරීම.එමඟින් ස්නේහසාවී ගන්ථි උත්තේජනය වී රුධිර ගමන හොඳින් සිඳු වේ. කෙස්ගස් පෝෂණය වේ. (
හිසකෙස් ගැලවී යන දුර්වල තත්වයේදී හිස සම්බාහනය සුදුසු නැත.)
ගර්භණී අවධියේදී මෙන්ම කිරි ලබා දෙන අවධියේදී ද යකඩ,විටමින් වර්ග ,කැල්සියම් ලබා ගැනීම.
කොලකැඳ පානය(උදෑසන),නෙල්ලි රසකිඳ පානය,පිපිඤ්ඤා පානය,පිරිසිදු ජලය හොඳින් පානය කිරීම.
රසායනිකව සිදු කරන කිසිඳු කෘතිම වෙනස් කිරීම් හිසකෙස් වලට නොකිරීම.
ලද දෙයින් සතුටු වී,මානසික ආතතිය නැතිව සතුටින් ජීවත් වීම.